Posts

Showing posts from November, 2022

System Change - ආහ් ... එව්වා කොහෙද අපිත් එක්ක!!

Image
රටේ system change කෙසේ වෙතත්, විද්‍යාලයක system change කරන්න ගිය විදුහල්පතිට වෙච්ච හදියක ඇතුලාන්තය ... * තම දරුවා රාජකීය විදුහලට ඇතුලත් කරන්න බැරුව අහිල විරාජ් ආවේස වෙයි *  ජාතික පාසල් අධ්‍යක්ෂක කිත්සිරි ලියනගම , ජේෂ්ඨ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක ගේ ආශීර්වාද සමග එවු දරුවන් 5දෙනා භාර නොගැනීම නිසා ඔවුන් ද "ගේම දෙන්න" එකතු වෙති * දරුවන් ඇතුලු කිරීමෙන් මිලියන ගනන් හම්බ කල නියෝජ්‍ය විදුහල්පති ගුණතිලක සහ විදුහල්පති සිහින දකින නියෝජ්‍ය විදුහල්පති ප්‍රසාද් වීරසිරි ද තම අවශ්‍යතා වෙනුවෙන් දිය යටින් ගිනි අදිති * අධ්‍යාපන ලේකම් රණසිංහ , විශ්‍රාම යාමෙන් පසු නව තනතුරක් බලාපොරොත්තුවෙන් "හිල"ට රිසි ලෙස ඇඟිලි ගසයි * වසර 15ක් පමන තිස්සේ, දිනපතා, රු1,000ක් පිරිකරට කප්පම් ගන්න (... ඔව් දිනපතා!), 5 star menu දීලා දානෙ කන  ප්‍රේමරතන හිමි ද හීන්නූලෙන් බෙල්ල කපයි * මාස ගනන් Strike කර, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කල Union සෙට් එක ද, පාසල් වේලාවේ Tuition කරන්න බැරීවීම ගැන උදහස් වී, කුමන්ත්‍රණයට ඉහලින් දායක වෙති පසුබිම රාජකීය විදුහල, ලංකාවේ ප්‍රමුඛතම සහ ප්‍රචලිතම පාසලක් යන්න අවිවාදයකි.