System Change - ආහ් ... එව්වා කොහෙද අපිත් එක්ක!!


රටේ system change කෙසේ වෙතත්, විද්‍යාලයක system change කරන්න ගිය විදුහල්පතිට වෙච්ච හදියක ඇතුලාන්තය ...

* තම දරුවා රාජකීය විදුහලට ඇතුලත් කරන්න බැරුව අහිල විරාජ් ආවේස වෙයි

ජාතික පාසල් අධ්‍යක්ෂක කිත්සිරි ලියනගම, ජේෂ්ඨ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලකගේ ආශීර්වාද සමග එවු දරුවන් 5දෙනා භාර නොගැනීම නිසා ඔවුන් ද "ගේම දෙන්න" එකතු වෙති

* දරුවන් ඇතුලු කිරීමෙන් මිලියන ගනන් හම්බ කල නියෝජ්‍ය විදුහල්පති ගුණතිලක සහ විදුහල්පති සිහින දකින නියෝජ්‍ය විදුහල්පති ප්‍රසාද් වීරසිරි ද තම අවශ්‍යතා වෙනුවෙන් දිය යටින් ගිනි අදිති

* අධ්‍යාපන ලේකම් රණසිංහ, විශ්‍රාම යාමෙන් පසු නව තනතුරක් බලාපොරොත්තුවෙන් "හිල"ට රිසි ලෙස ඇඟිලි ගසයි

* වසර 15ක් පමන තිස්සේ, දිනපතා, රු1,000ක් පිරිකරට කප්පම් ගන්න (... ඔව් දිනපතා!), 5 star menu දීලා දානෙ කන ප්‍රේමරතන හිමි ද හීන්නූලෙන් බෙල්ල කපයි

* මාස ගනන් Strike කර, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කල Union සෙට් එකද, පාසල් වේලාවේ Tuition කරන්න බැරීවීම ගැන උදහස් වී, කුමන්ත්‍රණයට ඉහලින් දායක වෙති



පසුබිම

රාජකීය විදුහල, ලංකාවේ ප්‍රමුඛතම සහ ප්‍රචලිතම පාසලක් යන්න අවිවාදයකි. රටේ බොහෝ නම ගිය වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය නායකයින් බිහි කල විද්‍යාලයකි. 

එනිසාම, එම විදුහලට තම පුතා ඇතුලු කිරීමට ඕනෑම දෙයක්, නීත්‍යානුකූල මෙන්ම නීතියට පටහැනි දේ පවා, කිරීමට බොහෝ දෙමාපියන් සෑදී පැහැදී සිටිති. මෙම අවශ්‍යතාව නිසා, ⁣පාසලට දරුවන් ඇතුලත් කිරිමේ ක්‍රියාවලිය, ඉතාමත් මතභේදාත්මක සහ දූෂිත ක්‍රියාකාරකම් වලට නිතැතින් ලක්වේ. මෙම ක්‍රියාවලිය හරහා, තම අතමිට සරු කරගැනීමට බොහෝ දෙනා දත කවමින් ද සිටින අතර, අමාත්‍යාංශ නිලධාරීන් සහ පාසල් කලමණාකරනයට සම්බන්ධ සමහරක් ⁣ජ්‍යේෂ්ඨ ගුරුවරුන්ගෙන් ද සැදි මාෆියාවක් නිර්මාණය වී ඇත.

ඊට සමාන්තරව, "හම්බ කරගැනීමේ" බලාපොරොත්තුවෙන්, රාජකීය විදුහලේ විදුහල්පති පුටුවට ඒමට බොහෝ දෙනා ආසාවෙන් බලා සිටිති. කවුරුන් හෝ පැමින, මෙම දූෂණය පිටුදැකීමට වෙර ගතහොත්, මේ සියළු දෙනා එකාමෙන් එක්ව ඔහුට කකුල් මාට්ටු දමති, පහර දෙති.

එබැවින් බොහෝ කාලයක සිට, රාජකීය විදුහලේ මෙන්ම, බොහොමයක් ප්‍රමුඛ පාසල්වල විදුහල්පති පත්වීම්, දේශපාලන සහ ඉහත දැකුවූ දුෂිත ක්‍රියාවලය පවත්වාගෙන යෑමේ අරමුණ මත, ඇමති සහ අමාත්‍යාංශ නිලධාරින්ගේ වුවමනා මත වූ ඒවාය.

අද තත්වය

ආරංචි මාර්ග වලට අනුව, සුදුසුකම් මත, නියමිත ක්‍රමවේදයට අනුව, රාජ්‍ය සේවා කොමිසන් සභාව හරහා රාජකීය විදුහලට විදුහල්පති කෙනෙක් පත්වී ඇත්තේ වසර 25කට පමණ පසුවය. කෙලින් කතා කරන, කියන විදිහටම කෙලින් වැඩ කරන විදුහල්පති කෙනෙකු ලැබුනේ ලැබුනේ සෑහෙන කලකට පසුවය. මෙය බොහෝ දෙනාට "දිරවන්න" බැරිවූවකි ... ඔවුන්ගේ මඩිස්සලයට මරු පහරකි.

පාසල් වේලාවේ ඉස්සර පන්ති cut කලේ ලමුන් වුවද, දැන් පන්ති cut කරන්නේ Tution කඑන්න යන ගුරුවරුය. මේ විදුහල්පතිගෙන් ඒ සියළු "Cut" වලට වැට බැඳුනි. 

ඔවුන් බලා සිටියේ මොනම හෝ අවස්තාවක විදුහල්පතිට "ගේමක්" දෙන්නය.

තම පරණ නායකයා බලයට පත්වනවාත් සමගම, හිටපු අධ්‍යාපන කාබාසිනියාඇමති හිල විරාජ්, තම දරුවා පාසලට බාරගැනීමට විදුහල්පතිට බල කරන්නෙ මේ පසුබිම මතය. 1 වසර අතුලුකිරීමේ සම්මුඛ පරීක්ෂණයටවත් නොආ කෙනෙකුගේ දරුවා ඇතුලු කිරීමට කිසිදු ප්‍රතිපාදනයක් නැති බැවින්, විදුහල්පති එය ප්‍රතික්ෂේප කරයි. 

ඇගේ වෛරය 3 කොටස ආරම්භ වන්නේ එතැනිනි. මෙය අවස්ථාවක් කරගත් Tution/Union සෙට් එක, ගුරුවරයෙකුට "ගැසුවා" යයි පට්ට බොරු කියා විදුහල්පතිට bucket එකක් අදින්නෙ මේ අවසරයෙනි. එම ගුරුවරයාම, විදුහල්පති තමන්ට ගැසුවේ නැතැයි කීමත්, අමාත්‍යංශ පරීක්ෂණයෙන් සියළු චෝදනා වලින් නිදොස් වීමත් නොතකා, විදුහල්පති නෙරපා හැරීමට සියළු අඳුරු බලවේග එකාමෙන් තැත කති.

රාජ්‍ය සේවා කොමිසන් සභාව හරහා වූ පත්වීමකින් ආ විදුහල්පති හිතුමතේට මාරු කර යෑවීම කල නොහැක්කක් බැවින්, තාවකාලිකව, අමාත්‍යාංශ්‍යයේ ඒකකයකට ඔහුව තල්ලු කර ඇත. 

අක් හිලගේ වෛරය පිරිමැසීමේ කුමන්ත්‍රණය ජයටම කෙරීගෙන යයි.

අඳුරු බලවේග සියල්ල එකට එකතු වී හමාරය.

රාජකීය මාතාව කෙලසමින්, ඇගෙ දරුවන්ගේ අනාගතය අඳුරු වෙන තෙක් කෙසේනම් අපි බලා සිටිමුද?

Comments

Popular posts from this blog

Former Minister of Education at it AGAIN!!! A past pupil of Kuliyapitiya Central, he is hand-in-glove with the Education Ministry Secretary to bend rules and procedures to bring in an INFAMOUS Principal to Royal College, Colombo. This infamous man’s personal file is full of evidence to his misdoings.

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අලුත්ම ගේම!!! කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයට කුප්‍රකට විදුහල්පතිවරයකු ස්ථාපිත කිරීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සමඟ එකතුවී, නීති රීති සහ ක්‍රියා පටිපාටි කුඩු පට්ටම් කරමින් කුමන්ත්‍රණයක් දියත් කොට ඇත. පත් කිරීමට තැත කවන විදුහල්පතිගේ පෞද්ගලික ලිපිගොනුවෙන් ඔහුගේ කුප්‍රකට වැරදි ක්‍රියාවන්ට සාක්ෂි.