හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ අලුත්ම ගේම!!! කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයට කුප්‍රකට විදුහල්පතිවරයකු ස්ථාපිත කිරීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සමඟ එකතුවී, නීති රීති සහ ක්‍රියා පටිපාටි කුඩු පට්ටම් කරමින් කුමන්ත්‍රණයක් දියත් කොට ඇත. පත් කිරීමට තැත කවන විදුහල්පතිගේ පෞද්ගලික ලිපිගොනුවෙන් ඔහුගේ කුප්‍රකට වැරදි ක්‍රියාවන්ට සාක්ෂි.

 

හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ඔහුගේ පරණ විගඩම් වලට නැවත යොමුවී ඇති බවට විශ්වාසදායක ලෙස දැනගන්නට ඇත - පෙර ලෙස ඔහුගේ හිතුමනාපය පරිදි නීති රෙගුලාසි සහ ක්‍රියා පටිපාටි නවා, හෙන්චයියෙකු පත් කිරීමේ  උත්සහයක!


පළමු පෙළ රජයේ පාසල්වලට විදුහල්පතිවරුන් පත්කිරීමේ නීතිරීති හා රෙගුලාසි නැමීමට අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ එකතු වී ඔහුගේ හෙංචයියෙකු ඉහලට ගෙන ඒමේ උත්සාහයක යෙදී සිටින බව ආරංචි වේ.

පසුබිම

  • Covid සාමය තුල, පදිංචියට ආසන්නම පාසලේ ඉගෙනීමට සිසුන්ට ඉඩ සලසන අමාත්‍යාංශ චක්‍රලේඛය, කොවිඩ් සීමාවන් ඉවත් කර ඇති වාතාවරණයක් තුල වුවද, රජයේ ඉහලම පුටු වල බලතල සහ අනිසි බලපෑම් යොදාගනිමින්, ඉවත් කිරීම නැවැත්වීමට හිටපු ඇමැතිවරයා සමත් විය. , තම දරුවා රාජකීය විදුහලේ ශිෂ්‍යයෙකු නොවුවද, විදුහලේ 1 ශ්‍රේණියේ පන්ති කාමරයක බලහත්කාරයෙන් වාඩි කරවා තබන්නටයි.

ප්‍රතිපලය - ඇගේ වියරුව #4!

  • දරුවා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට නීත්‍යානුකූල ක්‍රමයක් නොතිබුණද (ඔහු රාජකීය විද්‍යාලයේ 1 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමටවත් ඉල්ලුම් කර තිබුණේ නැති බැවින්), තම දරුවා රාජකීයට ඇතුළත් නොකිරීම ගැන කෝපයට පත් හිටපු ඇමැතිවරයා, ඔහුගේ පදයට නැටීම ප්‍රතික්ෂේප කළ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති ජයලත් මහතාට එරෙහිව කූට කුමන්ත්‍රණයක් දියත් කොට, ක්‍රියාමාර්ග ගණනාවක ප්‍රතිපලයක් ලෙස පරීක්ෂණයක් ආරම්භ කිරීමට සමත් විය.
  • විධිමත් පරීක්ෂණයකින් ජයලත් මහතා වැරදිකරු බව සොයා ගැනීමට අපොහොසත් වීම නිසා, "ස්වේච්ඡාවෙන්" ස්ථාන මාරුවක් ඉල්ලා සිටින ලෙස ජයලත් මහතාට සියලු ආකාරයේ බලපෑම් එල්ල විය ... අපි නොදන්නා "ස්වේච්ඡා" - දන්නවානේ මේ රටේ වැඩ කරන හැටි!
  • සියලු ආකාරයේ ස්වභාවික යුක්තියට සහ ආචාර ධර්මවලට එරෙහිව, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියමන මතක් කර දෙමින්, මේ කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිපලය වූයේ විමර්ශන නිලධාරියා වැඩ බලන විදුහල්පතිවරයා ලෙස පත් වීමෙනි!

දෙවන කුමන්ත්‍රණය - තම හෙංචයියා පත්කර ගැනීමට

  • මෙම රූකඩ වැඩබලන විදුහල්පතිවරයා වෙනුවට ස්ථිර විදුහල්පතිවරයෙකු පත් කිරීමට කාලය එළඹෙත්ම, හිටපු ඇමතිවරයා තම හෙන්චයියෙක් - ඩී.එස්.සේනානායක විද්‍යාලයේ වත්මන් විදුහල්පති, පත් කර ගැනීමට සියලු ක්‍රම උත්සාහ කරන බව වාර්තා වේ
  •  මෙම කූට උත්සාහයන් කෙරෙන්නේ:
    • රාජකීය විද්‍යාලයේ විදුහල්පති තනතුරට අයදුම් කළ අය අතරින් වැඩිම ලකුණු ලබා ගත්තේ මහානාමයේ විදුහල්පතිවරයා වන අතර

                    සහ

    • ඩී.එස්.සේනානායක විදුහලේ වත්මන් විදුහල්පති ඩබ්ලිව්.වී..එස්.සම්පත් මහතා අදාළ තනතුර සඳහා ඉල්ලුම් කර නොතිබෙණ පසුබිමකය

  • හිටපු අමාත්‍යවරයාගේ හෙංචයියා පත් කර ගැනීම සඳහා, ඔහුට ගැළපෙන පරිදි ලකුණු ප්‍රදානය කරන පටි පාටිය වෙනස් කරමින් සිටින බව දැනගන්නට ඇත.

  • මේ කුමන්ත්‍රණයේ අභිලාෂයන් මුදුන්පමුණුවාදීමට, අමාත්‍යාංශ ලේකම්වරයා පැහැදිලිවම අත්වැල් බැඳගෙන සිටින අතර, ඔහුගේ බලාපොරොත්තුව වනුයේ විශ්‍රාම වයසෙන් තවත් ඔබ්බට තවත් සේවා දිගුවක් ලබාගැනීමය (ඔහු දැනටමත් විශ්‍රාම යන වයසෙන් ඔබ්බට සේවා දිගුවක් මත සේවයේ සිටී).

 මෙහෙම කාලකන්නි වැඩ කෙරෙන රටකට හරි යයි ?



මෙන්න ඩබ්ලිව්.වී..එස්.සම්පත්ගේ කැරැට්ටුව 

විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත්ව, ඩබ්ලිව්.වී..එස්.සම්පත් මහතා වැටුප් රහිත වැඩ තහනම් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2013 ජූලි මස යැවූ ලිපියක්.


රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්, කොමිෂන් සභාවට ලිපි ඉදිරිපත් කිරීමේදී W.V.A.S.සම්පත් මහතාගේ දැනුමේ ඌනතාව පෙන්වා දුන් 2013 ජූලි මස ලිපිය.


පරීක්ෂණ කාලය තුල නැවත සේවයේ පිහිටුවීමේදී පවා කිසිදු ජාතික පාසලකට පත් නොකරන ලෙසට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2013 නොවැම්බර් මස ලිපියකින් ලබා දුන් නියෝගය.


ඩබ්ලිව්.වී..එස්.සම්පත් මහතා දැඩි විෂමාචාර 5කට වරදකරු කොට, වැටුප් වර්ධක තුනක් කල්දැමීම සහ තදින් තරවටු කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2017 පෙබරවාරි මස ලිපිය.



ඩබ්ලිව්.වී..එස්.සම්පත් මහතාගේ වැඩ තහනම් කරන ලද කාලය සඳහා වැටුප් ආපසු නොගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත 2018 මැයි මස යැවූ ලිපිය


Comments

Popular posts from this blog

Former Minister of Education at it AGAIN!!! A past pupil of Kuliyapitiya Central, he is hand-in-glove with the Education Ministry Secretary to bend rules and procedures to bring in an INFAMOUS Principal to Royal College, Colombo. This infamous man’s personal file is full of evidence to his misdoings.

System Change - ආහ් ... එව්වා කොහෙද අපිත් එක්ක!!